Connect with us

Bangladesh rise to No. 6 in ODI rankings

Bangladesh

Bangladesh rise to No. 6 in ODI rankings

Bangladesh have climbed up to No. 6 on the ICC ODI rankings on the back of their first victory over New Zealand in conditions outside of home. The five-wicket win came in Dublin where the teams were engaged in a tri-nation tournament with hosts Ireland ahead of the Champions Trophy. Bangladesh now stand above three Full Members – Sri Lanka, Pakistan and West Indies – and are 18 rating points behind England.

In the current rankings cycle, results between May 2016 and 2017 get 100% weightage and those between May 2014 and 2016 get 50%. Bangladesh won six out of 14 completed games between May 2016 and 2017, including a drawn series with Sri Lanka. They qualified for the Champions Trophy, a tournament they will play for the first time in 10 years.

Bangladesh had 18 wins in 28 completed games between May 2014 and 2016, when they made the World Cup quarter-final and earned series wins over India, South Africa and Pakistan.

The top-eight teams on September 30 this year gain automatic qualification to the 2019 World Cup. At the May 1 rankings update, Bangladesh were in seventh place with 91 points, with Pakistan only three points behind them. Their promotion now to No. 6 gives them a lot more breathing space.


නවසීලන්තයට එරෙහි එක්දින තරගය ජය ගැනීමත් සමග එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණීමට බංග්ලාදේශය සමත්වී තිබෙනවා.

අයර්ලන්ත තුන්කොන් තරගාවලියට අදාළව ඊයේ නවසීලන්තයට එරෙහිව පැවති තරගයෙන් බංග්ලාදේශයට කඩුලු 5 ක ජයක් හිමිවුනා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්තය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 270 ක් ලබාගත්තා.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය පන්දුවාර 48 යි පන්දු දෙකකදී කඩුලු 5 ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

විදෙස් රටකදී බංග්ලාදේශය හමුවේ නවසීලන්ත කණ්ඩායම පරාජයට පත්වු පළමු අවස්ථාව ද මෙයයි.

මෙම ජයග්‍රහණයත් සමගින් එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණීමට බංග්ලාදේශ සමත්වුනා.

ඒ ශ්‍රී ලංකා කණ්ඩායම ද පසු කරමින්.

ඒ අනුව 91 ක්ව පැවති බංග්ලාදේශයේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 93 දක්වා ඉහළ ගියා.

ශ්‍රී ලංකාව ද මේ වනවිට ප්‍රසාද ලකුණු 93 ක් ලබාගෙන සිටිනවා.

කෙසේ වෙතත් බංග්ලාදේශ කණ්ඩායම මෙම ප්‍රසාද ලකුණු සංඛ්‍යාව හිමිකරගෙන ඇත්තේ තරග 28 කට සහභාගිවීමෙන්.

ශ්‍රී ලංකාව තරඟ 46 කට සහභාගි වී මෙම ලකුණු සංඛ්‍යාව හිමිකරගෙන ඇති අතර ඒ අනුවයි බංග්ලාදේශය ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට පැමිණ ඇත්තේ.

මීට පෙර ශ්‍රේණිගත කිරීම්වල 6 වන ස්ථානයේ සිටි ශ්‍රී ලංකා කණ්ඩායම 7 වන ස්ථානයට පත්ව ඇති අතර නවසීලන්තයට එරෙහි ජයත් සමග බංග්ලාදේශය 6 වන ස්ථානයට පැමිණ තිබෙනවා.

එක්දින ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ පසුවන්නේ දකුණු අප්‍රිකාවයි.

දෙවන ස්ථානයේ ඔස්ට්‍රේලියාව පසුවනවා.

ඉන්දියාවට හිමිව ඇත්තේ තුන්වන ස්ථානයයි. නවසීලන්තය එක්දින ශ්‍රේණිගත කිරීම්වල 4 වන ස්ථානයේ සිටින අතර පස්වන ස්ථානයේ පසුවන්නේ එංගලන්තයයි.



ICC ශ්‍රේණිගත කිරීම් හි 7 වන ස්ථානය දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම පහත වැටීමත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රබල තර්ජනයක් එල්ලවී තිබෙනවා.

ශ්‍රේණිගත කිරීම් හි 8 වන ස්ථානයේ සිටින පකිස්තාන කණ්ඩායමෙන් මෙලෙස ශ්‍රී ලංකාවට ප්‍රබල තර්ජනයක් එල්ලවන බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය ප්‍රකාශ කර ඇත්තේ.

2019 වසරේ එංගලන්තයේදී පැවැත්වෙන ලෝක කුසලාන තරඟාවලියට එක එල්ලේම සුදුසුකම් ලබාගැනීමට නම් ICC ශ්‍රේණිගත කිරීම් හි ශ්‍රී ලංකාව දැනට හිමි 7 වන ස්ථානය රැකගතයුතු වනවා.

ඒ මෙම වසරේ සැප්තැම්බර් 30 වනදා වනවිට ICC ශ්‍රේණිගත කිරීම් හි 7 වන ස්ථානය දක්වා රැඳී සිටින කණ්ඩායම් වලට පමණක් ලෝක කුසලාන තරඟාවලියට එක එල්ලේම සුදුසුකම් ලැබීම හේතුවෙන්.

නවසීලන්තය සහ බංගලාදේශය අතර ඊයේ (24 වැනිදා) පැවැති තරඟයෙන් බංගලාදේශය ජයගැනීමත් සමග ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම් හි 7 වන ස්ථානය දක්වා පහත වැටුනා.

ශ්‍රී ලංකාව මෙන්ම බංග්ලාදේශයද මේ වන විට හිමිකරගෙන ඇති ප්‍රසාද ලකුණු ප්‍රමාණය 93 ක්.

කෙසේ වෙතත් දශම ස්ථානයට ගණනය කිරීමේදී බංගලාදේශයට හිමිවන ප්‍රසාද ලකුණු ප්‍රමාණය 93.3 ක්.

එහිදී ශ්‍රී ලංකාවට 92.8 ක ප්‍රසාද ලකුණු ප්‍රමාණයක් හිමිවීම හේතුවෙනුයි මෙලෙස 7 වන ස්ථානයට පහත වැටී ඇත්තේ.

Team Matches Points Rating
South Africa 45 5488 122
Australia 46 5442 118
India 31 3632 117
New Zealand 44 5019 114
England 44 4886 111
Bangladesh 28 2613 93
Sri Lanka 46 4273 93
Pakistan 36 3170 88
West Indies 30 2355 79
Afghanistan 28 1463 52
Zimbabwe 36 1640 46
Ireland 25 1028 41
Continue Reading
You may also like...
Click to comment

Leave a Reply

Your email address will not be published.

More in Bangladesh

To Top